උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂණය 07දා ඇරඹෙයි
- 2017-08-13 12:50:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ දිනවල පැවැත්වෙමින් තිබෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් අදියර තුනක් යටතේ සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව පළමු අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව සැප්තැම්බර් 07 වැනිදා සිට 20 වැනිදා දක්වා මධ්‍යස්ථාන 31කදී ගුරුවරුන් 6965ක සහභාගිත්වයෙන් සිදුවන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු සැප්තැම්බර් 13 වැනිදා සිට 26 වැනිදා දක්වාත්, තුන්වැනි අදියරේ ඇගයීම් කටයුතු සැප්තැම්බර් 18 වැනිදා සිට 29 වැනිදා දක්වාත් පැවැත්වේ.
පොදු පරීක්ෂණය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 05ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments