Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2017 පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර සඳහා ලබන 13 වැනි දා සිට ලබන 26 දා දක්වා  පාසල් කිහියක් වසා තැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

එම කාලය තුළ සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් සංඛ්‍යාව 07ක් වන අතර  පාසල් 20ක පමණ පාසල පවත්වන අතරතුර කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරන බව කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

කොටසක් පමණක් වසනු ලබන පාසල් නියමිත පරිදි පැවැත්වෙන අතර සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් ලබන 27 දා නැවත පාසල් ආරම්භවීමට නියමිතය. ඇගයීම් කටයුතු සඳහා යොදා ගැනෙන පාසල් ලේඛනය පහත පරිදි  වේ.

සම්පූර්ණයෙන් වසා ඇගයීම් සිදුකරන පාසල් ( ලබන 27 දා ආරම්භ වේ)

1. කො/සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලය - කොළඹ 08
2. කො/ආනන්ද විද්‍යාලය - කොළඹ 10
3. කළු/ගුරුළුගෝමි මහා විද්‍යාලය  - කළුතර
4. කු/ලක්දාස් ද මැල් විද්‍යාලය - කුරුණෑගල
5. ගා/සුධර්මා විද්‍යාලය - ගාල්ල
6. මා/ශා.සර්වේසස් විද්‍යාලය - කොටුවේගොඩ, මාතර
7. බ/සීවලී නවෝද්‍යා මහා විද්‍යාලය - බණ්ඩාරවෙල

පාසල් පවත්වන අතරතුර කොටසක් වසා ඇගයීම් සිදුකරන පාසල් ( මෙම පාසල් නියමිත පරිදි පැවැත්වේ)

1. කො/ඩී.එස්.සේනානායක විද්‍යාලය - කොළඹ 07
2. කො/ලුම්බිණි විද්‍යාලය - කොළඹ 05
3. ගම්/යසෝදරා දේවි මහා විද්‍යාලය - ගම්පහ
4. ගම්/බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය  - ගම්පහ
5. මීග/හරිස්චන්ද්‍ර විද්‍යාලය - මීගමුව
6. කු/වයඹ රාජකීය විද්‍යාලය - කුරුණෑගල
7. කුලි/සාරානාත් මහා විද්‍යාලය  - කුලියාපිටිය
8. කෑ/ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය - කෑගල්ල
9. ර/සීවලී මධ්‍ය විද්‍යාලය - හිඳැල්ලන, රත්නපුර
10. මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය - මහනුවර
11. මහ/උසස් බාලිකා විද්‍යාලය - මහනුවර
12. ගා/සංඝමිත්තා විද්‍යාලය - ගාල්ල
13. බ/ධර්මදූත විද්‍යාලය - බදුල්ල
14. අනු/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය - අනුරාධපුරය
15. පො/බැඳිවැව මහා විද්‍යාලය - ජයන්තිපුර
16. මහ/මහානාම මහා විද්‍යාලය -ගැටඹේ, මහනුවර
17. මඩ/ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය  - මඩකලපුව
18. යා/හින්දු බාලිකා විද්‍යාලය - යාපනය
19. වවු/ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය - වවුනියාව
20. කල්/කාමෙල් ෆාතිමා බාලිකා විද්‍යාලය - කල්මුනේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.