උසස් පෙළ මාධ්‍ය විෂය නව නිර්දේශයට මාධ්‍ය ගුරු විරෝධය
- 2017-10-25 20:40:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශයට විරෝධය පෑ උද්ඝෝෂණයක් අද (25) ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපිට දී පවත්වනු ලැබිණි. ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ගුරු පිරිසක් සහභාගි වූහ. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකරගේ නියෝගය පරිදි උද්ඝෝෂණකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ජාතික අධ්‍යාපන ආයතනයට ඇතුළු වීමට නොහැකි වන සේ ප්‍රධාන දොරටුව වසා දැමීම නිසා මහත් කලබලයක් ඇති විය. මහරගම පොලිසියේ නිලධාරීන්ද මෙම කලබලය පාලනය කිරීමට එතැනට කැඳවා තිබිණි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සමග මාධ්‍ය ගුරුවරුන් තිදෙනෙකුට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර සමග සාකච්ඡාවක් පැවැත්වීමට පසුව අවස්ථාව ලැබිණි.
සාකච්ඡාවෙන් පසු ජෝශප් ස්ටාලින් මහතා මාධ්‍යයට පැවසුවේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය සමන්ත හේරත් හා ආචාර්ය එඩ්වින් ආරියදාස යන තිදෙනා ඔවුන්ගේ අභිමතය පරිදි සකස් කර ඇති අභිනව විෂය නිර්දේශයට විරෝධය පා ගුරුවරුන් විසින් ලිපි ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා ජාතික අධ්‍යාපන ආයතනය අන්තනෝමතිකව කටයුතු කිරීමට එරෙහිව අද දින දැඩි විරෝධය දැක් වූ බවයි.
පාසල් විෂය නිර්දේශයක් සද් භාවයෙන් යුක්තව හා ප්‍රජාතන්ත්‍රවාදීව සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සිදු විය යුතු වුවත්, උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය මෙම තිදෙනා විසින් සම්පාදනය කර ඇත්තේ සන්නිවේදන විෂයය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින අනෙක් සියලු විද්වතුන් සිතා මතා ඉවත් කර බවයි. අනෙක් අතට මේ අවස්ථාවේදී සිදු වෙමින් පවතින්නේ විෂය මාලා සංශෝධනයක් මිස අභිනව විෂය නිර්දේශ සම්පාදනයක් නොවන බවත්, එවැනි අභිනව විෂය නිර්දේශයක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවත්, ඒ සඳහා කිසිදු පර්යේෂණාත්මක අධ්‍යයනයක් කර නොමැති බවත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මෙන්ම ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති ආචාර්ය උපාලි මාම්පිටිය මහතාද මෙහිදී සිය ශාස්ත්‍රීය යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති වීම නිසා මෙම විෂය නිර්දේශ අර්බුදය පැන නැගි බවත් ජෝශප් ස්ටාලින් මහතා තව දුරටත් මාධ්‍යයට පැවසීය.
එසේම මේ වන විට නව දොළොස්වන ශ්‍රේණියට පාසලේ දෙවන වාරයේදී මාස දෙකකට වැඩි කලක් තිබූ විෂය නිර්දේශය උගන්වා ඇති පසුබිමක තුන්වැනි වාරයේ සිට වෙනත් විෂය නිර්දේශයක් උගන්වන්නට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කිරීම නිසා මේ වන විට පාසලේ උසස් පෙළ මාධ්‍ය විෂයය ඉගැන්වීම මහත් අවුලක් බවට පත් වී ඇති බව කියා සිටි ස්ටාලින් මහතා තමන් ඇතුළු උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ මෙම දෝෂ සහිත අභිනව විෂය නිර්දේශය 2018 දක්වා කල් දැමිය යුතු බවත්, විෂය නිර්දේශ සම්පාදනයට සියළු පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගත් නව කමිටුවක් මගින් පැවති විෂය නිර්දේශය සංශෝධනය කළ යුතු බවත්ය.
මෙම සාකච්ඡාවේදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් උද්ඝෝෂකයන් විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවන්ට නිසි පිළිතුරු ලබා දීමට අපොහොසත් වූ බවත්, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශය සම්බන්ධයෙන් නොවැම්බර් 7වැනි දින පැවැත්වෙන ශාස්ත්‍රීය කටයුතු මණ්ඩල රුස්වීමේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ආචාර්ය ජයන්ති ගුණසේකර විසින් පැවසූ බවත්, ඒ අනුව 7 වැනි දින ලබාදෙන තීරණය අනුව ඉදිරි ක්‍රියා මාර්ග තීරණය කරන බවත්, මේ ආකාරයෙන් පාසල් අධ්‍යාපනය විනාශ කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කිරීම ඉතා කනගාටුදායක කරැණක් බවත් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
(ඉන්දික සෙනෙවිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments