Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් තුළ හෙට (08දා) සිට විභාගය අවසන් වනතුරු උත්සව පැවැත්වීම, ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සහ උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී අදාළ පාසලට අවසර නොමැති කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බවත්, අදාළ පාසලේ ගුරුවරුන්ටද මෙම නීතිය වලංගු බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ ආකාරයේ නීති විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ 1911 / 0112784208 හෝ 0112784537 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවත්, 119 හෝ 0112421111 යන දුරකථන අංක මගින් පොලීසියත් දැනුවත් කරන ලෙස විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඉල්ලා සිටියේය.

ලංකාව පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදී හෙට විභාගය ආරම්භවන අතර, එය සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

ex_2333a

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.