Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දේශියව හා ජාත්‍යන්තරව සිදුවන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් වැඩ ලෝකයට ගැළපෙන පරිදි අධ්‍යාපන පද්ධතිය  ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගනිමින් සිටින බවත් එහි එක් පියවරක් ලෙස දැනට අ.පො.ස. (උ.පෙළ) හදාරන සිසුන්ට අමතරව  සිසුන් 120,000 ක් පමණ අ.පො.ස. (උ.පෙළ)  හැදෑරීම සඳහා පාසල්වලට ඇතුළත් කරගැනීමට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී සෑම දරුවකුටම 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇති අතර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වී පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන දරුවන් සඳහා ද අධ්‍යාපන අවස්ථා ලබාදීමට ද මේ යටතේ සැලසුම් කර තිබේ. ඒ සඳහා නවීන ලෝකයට හා රැකියා වෙළඳපලට උචිත ආකාරයේ නව විෂය 24 ක් පාසල් විෂය මාලාවට හඳුන්වාදීමට යෝජනාවී ඇති අතර එලෙස නව විෂයන් ඉගැන්වීමේ දී අවශ්‍ය ඉඩකඩ පාසල් පද්ධතිය තුළ සකසාගැනීම වෙනුවෙන් තෝරාගත් පාසල්වලට භෞතික හා මානව සම්පත් ලබාදීමට ද ඉදිරි අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කිරීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රජයේ පාසල් මෙන්ම පුද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ගේ කාර්යසාධනය හා අධ්‍යාපනයේ අපේක්ෂිත ප්‍රතිඵල සමාලෝචනය කිරීම සඳහා පාසල් පරීක්ෂණ මණ්ඩල පිහිටුවීමට ද ඉතා ඉක්මණින් කටයුතු යොදන බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

A (1) A (2) A (3) A (4) A (5)A (7) A (8) A (9) A (10)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.