උ.පෙළ දෙවැනි අදියර පිළිතුරු පරීක්ෂාවට වැසෙන පාසල්
- 2018-09-10 13:21:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ උත්තර පත්‍ර පරීක්ෂාව හෙට (11දා) සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උත්තරපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පාසල් විසිහතරක් යොදාගන්නා බවත්, එම පාසල්වලින් හතරක් එම කාලය තුළ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
අනෙකුත් පාසල් 20 කොටසක් වශයෙන් වසා තබමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
කොටසක් වශයෙන් වසා තැබෙන පාසල්වල කටයුතු නිසි පරිදි පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සම්පූර්ණයෙන්ම වසා තැබෙන පාසල් 04 හා කොටසක් වසා තැබෙන පාසල් මේ මස 25 වැනිදා සිට ආරම්භ කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කොළඹ 10 ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය, මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය මෙම කාලය තුළ සම්පූර්ණයෙන්ම වසා තැබේ.
පාසල් පැවැත්වුවද කොටසක් වශයෙන් වසා තැබෙන පාසල් වන්නේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විද්‍යාලය, කොළඹලුම්බිණි විද්‍යාලය, ගම්පහ යසෝදරා දේවි මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය - හිදැල්ලන, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, මහනුවර මහානාම විද්‍යාලය - ගැටඹේ, ගාල්ල සංඝමිත්තා විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය සහ වවුනියාව ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය යන පාසල්ය.(wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments