උ.පෙළ ප්‍රතිඵල සහතිකය ඔන් ලයින් ක්‍රමයට ලබාගත හැකියි
- 2020-01-02 14:41:30
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ සහතික පත්‍රය ඔන්ලයින් ක්‍රමය යටතේ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ඔන්ලයින් ක්‍රමය මගින් සහතික පත්‍රය ඉල්ලුම් කර තැපැල් දෙපාර්තමේන්තුවේ 'Speed Mail' සේවාව ඔස්සේ ශ්‍රී ලංකාව තුළදී පැය 48ක් ඇතුළත සහතික පත්‍රය ගෙන්වා ගැනීමට පහසුකම් සලසා ඇත.
මීට අමතරව EMS සේවාව ඔස්සේ විදේශ රටවලට ගොස් සිටින පිරිස් වෙත අදාළ ලිපිනයක් ලබාදීමෙන් සහතික පත්‍රය ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ එක්දින සේවාව යටතේ හෝ සාමාන්‍ය සේවාව යටතේ සහතික පත්‍ර ලබාගත හැකි බවත්, දෙස්විදෙස් උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහතික පත්‍ර කඩිනමින් ලබාදීම සඳහා මෙම ක්‍රමය භාව කරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
	
Reply To:
Name - Reply Comment
0 Comments