Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයටඅදාළව නව විෂය නිර්දේශ වෙනුවට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළ නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, ඒ අනුවලබන වසරේදී සියලු පාර්ශ්ව සම්බන්ධ කරගෙන නවීන ලෝකයට ගැළපෙන පරිදි අලුත් විෂය නිර්දේශයක් සකස් කරන බවද ලේකම්වරයා පවසා සිටියේය.

පැරණි විෂය නිර්දේශය වෙනස් කරමින් සකස් කළ අලුත් විෂය නිර්දේශය පිළිබඳ පසුගිය කාලය පුරා දැඩිවිවේචනයක් එල්ලවිය.

පසුගිය කාලයේ පවත්වන ලද ගුරු පුහුණු සැසිවලදීද ඊට දැඩි විරෝධයක් එල්ල විය. අලුත් විෂය නිර්දේශයෙන් පැරණි විෂය නිර්දේශයේ වැඩි කොටසක් වෙනස් කර ඇති බවත්, සිසුන්ට අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති බැවින් නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු පැන නැගෙන බවත් ගුරුවරුන්එහිදී පවසා තිබිණි.

නව විෂය නිර්දේශය අත්හිටුවන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බැලූ ජාතික අධ්‍යාපන ආයතනය ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බවත්, ඒ අනුව එම නිර්දේශය අත්හිටුවීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේපිළිබඳ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන ඒකකය මගින් නිකුත්කෙරේ.

නව විෂය නිර්දේශය සකස් කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් බැවින් එය ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබූ අතර, ගුරු පුහුණු සැසියකදී ඊට සහභාගි වූ ගුරුවරුන් සියලු දෙනා විරෝධය දක්වමින් පිටව ගොස් තිබිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.