Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලාංකීය නිදහස් සටනේ ආරම්භය  ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට  නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) වැනි දා අද ප.ව.5.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනු ලබන අතර “උත්තමාභිවන්දනා” යන මැයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.

කැප්පෙටිපොල මහ දිසාව ප්‍රමුඛ විරුවන් එවක අධිරාජ්‍යවාදීන් විසින් ඇතුළත් කර තිබුණු දේශද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර දේශප්‍රේමී වීරයන් බවට ඔසවා තැබීමට  ජනාධිපතිතුමා විසින් පසුගියදා කටයුතු කරනු ලැබිණි.  එම යුගමෙහවර හා සමගාමීව ප්‍රථම නිදහස් අරගලයේ ප්‍රත්‍යාවලෝකනයක් ලෙසින් මෙම උත්සවය සංවිධානය කෙරේ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් පවත්වන අතර , ජාතික නිදහස් සටන් අපගේ භාෂාව තුළින් විද්‍යමාන වන ආකාරය පිළිබඳ  දේශනයක් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, ඌව වෙල්ලස්ස නිදහස් අරගලය අළලා රජයේ චිත්‍රපට අංශය විසින් සකස් කරන ලද වාර්තා චිත්‍රපටයක් සහ එම අරගලය හා  බැඳුනු ඓතිහාසික පසුබිම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද මෙහිදී එළිදැක්වීමට නියමිතව ඇත.

ජනාධිපතිතුමා විසින් දේශප්‍රේමීන් බවට ඔසවා තබමින් පසුගියදා ගැසට් මගින් ‍නිවේදනය කරන ලද වීරවරයින්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවන්හි දැනගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍ර කෞත්‍රකාගාරය යන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමීම සහ මහනුවර ශ්‍රී දළදා මාළිගා කෞතුකාගාරය වෙනුවෙන් දියවඩන නිලමේවරයා වෙත පිරිනැමීමද  මෙහිදී සිදු කෙරේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුලු අදාළ පාර්ශව රැසක්  සහභාගිවීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.