ඌව වෙල්ලස්ස විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට - ජනපති මඟුල් මඩුවේදී අත්සන් තබයි
- 2017-03-02 08:49:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එහිදී 1818 ඌව වෙල්ලස්ස අරගලයට සහභාගීවීමේ හේතුව මත මරණ දණ්ඩනය නියම කර මරණයට පත් කළ සහ රටින් පිටුවහල් කළ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඡායනය මධ්‍යයේ මහනුවර මඟුල් මඩුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර අත්සන් තැබීණි.
මහා සංඝරත්නය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සිවු දේවාල බස්නායක නිලමේවරුන්, දිසාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, අද දින දේශප්‍රේම විරුවන් ලෙස නම් කෙරුණු පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
(ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments