Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

''එකම දැයක්'' තේමාවෙන් නිදහස් දිනය සැමරේ - 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් විශේෂ ලාංඡනයක් හඳුන්වා දෙයි. වසර ගණනාවක් ජාත්‍යන්තරයෙන් මුළු ගැන්වී සිටි ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගෙන මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය ''එකම දැයක්'' යන තේමාව යටතේ අති උත්කර්ෂවත් ලෙස පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ වසර 70ට පෙර නිදහස ලැබූ ස්වාධීන රාජ්‍යයක් වුව ද අප රටට වරින් වර ඉතා අපකීර්තිමත් කාලයන්ට මුහුණ දීමට සිදුවූ බවයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික රජයක් පිහිටුවීමත් සමග ජාත්‍යන්තරයේ විශ්වාසය යළි දිනාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවර ජාතික නිදහස් දිනයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් රාජ්‍ය නායකයන් හා රාජ්‍ය ධූත පිරිස් විශාල පිරිසක් සහභාගී වීමෙන් ම ඒ බව තහවුරු වන බවයි. මෙවර උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එලිසබෙත් මහ රැජනගේ බාල පුත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු සහභාගී වෙයි.

ඔහු බ්‍රිතාන්‍යයේ බෙල්ෆර්සට් හි අර්ල්වරයා ලෙස කටයුතු කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් බ්‍රිතාන්‍ය රජ පවුල වෙත කරනු ලැබූ ආරාධනයක් අනුව එඩ්වඩ් කුමරු පැමිණෙන බව සනාථ කර තිබේ

මෙම 70 වන නිදහස් දින උත්සවය සදහා රටවල් රැසක ප්‍රභූන් වෙත ආරාධනා යැවීමට කටයුතු කර ඇත. මෙම නිදහස් සමරුව සදහා එයටම සුවිශේෂී වු ලාංඡනයක් ද හදුන්වා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
නිදහසේ සංකේතයක් නිදහස් චතුරශ්‍රය හා 70 වසර මෙම ලාංඡනයේ දැක්වෙයි. පෙබරවාරි 04 වැනි දින සන්ධ්‍යාවේ දී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සහ සංගීත ප්‍රසංගයක් කොළඹ නගරශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.


පෙබරවාරි 04 වැනිදා නිදහස් දින උත්සවය පැවැත්වෙන අවස්ථාවේ දී හා ඒ සඳහා පෙරහුරු පැවැත්වෙන අවස්ථාවන් හි දී කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. නිදහස් දින උත්සවය වෙනුවෙන් සෑම නිවසක ම ජාතික ධජය ඔසවන ලෙස ද අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.