එකම දිනයකදී ව්‍යාපෘති 200ක් සිසු අයිතියට
- 2019-02-25 15:29:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ යටතේ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර, බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ඉදිකිරීම් රැසක් මේ යටතේ විවෘත කිරීමට නියමිතයි.
මෙම ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නයි. වැඩසටහනේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමිනි.
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වන අතර සමස්ත ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රු. මිලියන 65,000 ක්. ඒ යටතේ මෙරට පාසල් 10,165 න් පාසල් 9,063 ක ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මකයි.
Reply To:
Name - Reply Comment
0 Comments