එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති එක් වෙයි
- 2017-09-19 10:59:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අද (19) නිව්යොර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යොර්ක් නුවර එක්සත් ජාතීන්ගෙ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.
රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූ මෙම සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී විය. ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමනෙ කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගිතාවය ප‍්‍රවර්ධනය මෙන්ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප‍්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කැරිණි.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් මෙමසැසියට එක්ව සිටියහ.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments