Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  විසින් රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරන ලද එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරුන් ලෙස මහලේ ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් පත්කර තිබේ. 

එක්ස්පෝ 2020 ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “මනස සම්බන්ධ කරමින් අනාගතය නිර්මාණය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි. එමඟින් රටවල් 190 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය සහ ලොව පුරා මිලියන 25 කට අධික වෙළඳ දූත පිරිස් හි පැමිණීම බලාපොරොත්තු වේ. තිරසාර අනාගතයක් ජනනය කිරීම සඳහා සහයෝගයෙන් හා නව්‍යකරණයෙන්එක්ස්පෝඩුබායි 2020 ඔක්තෝබර් 20 සිට 2021 අප්‍රේල් 10 දක්වා දින 173 ක් පුරා පැවැත් වේ.

එක්ස්පෝ 2020ඩුබායි හි ශ්‍රී ලංකාවේ වෙළඳ සහ අනෙකුත් ආශ්‍රිත ක්‍රියාකාරකම් රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරනු ලබන්නේ ‘ජලය’ තේමාව යටතේ වන අතර එය මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට්” තුළින් දැනටමත් ලබා ඇති ගෝලීය පිළිගැනීම තුලින්  එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට  මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරවිසින් අනුමත කර තිබේ.

(ඉන්දික සෙනෙවිරත්න) 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.