එක් දිනක් තුළ සිංගප්පූරුවෙන් වැඩිම ආසාදිතයන් හමුවෙයි
- 2020-04-06 09:26:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංගප්පූරුවෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග පැය 24ක් තුළ එරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ අනුව සෙනසුරාදා රාත්‍රී 12.00 සිට ඉරිදා රාත්‍රී 12.00 දක්වා පැය 24 ක් තුළ නව කොරොන වයිරස් රෝගීන් 120 ක් වාර්තා වී ඇත. මේ අතරින් 116කට මෑත කාලීනව සංචාරක ඉතිහාසයක් නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් පවතින බැවින් සිංගප්පූරුව ඉරිදා විදේශීය සේවක නේවාසිකාගාර දෙකක් වසා දමා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නේවාසිකාගාර දෙකෙහි සේවකයන් 19800ක් පමණ සිටියි. ඔවුන්ට පිතට යෑම තහනම් කර ඇති අතර ඒ කාලය තුළ ඔවුන්ගේ වැටුප් ගෙවීමදට සිංගප්පූරුව කටයුතු සූදානම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments