ඔටස් බකමූණා බකමූණු පවුලේ අලුත් සාමාජිකයාද?
- 2018-08-01 14:12:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කරපටි බස්සාගේ (Collared Scops Owl) ශ්‍රී ලාංකේය උපවිශේෂය වන Otus bakkamoena bakkamoenaගේ තවත් එක් වර්ණ ප්‍රභේදයක් යැයි අනුමාන කළ හැකි බස්සන් ජනපදයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය ආශ්‍රිතව හමුව තිබේ.
වනජීවී ඡායාරූප ශිල්පී එම්.එස්.ජී. පුෂ්පලාල් මහතාට හමුව ඇති මෙම බස්සන්ගේ පිට ප්‍රදේශය තද දම් පැහැයක් ගන්නා බවත්, පපුව හා උදර ප්‍රදේශයේ තඹ දුඹුරු හා දම් පැහැ වර්ණයන්ගේ සංකලනයක්ව දිස්වන බවත් සඳහන් වේ.
ඒ මහතා සඳහන් කරන පරිදි මෙම බස්සාගේ සවන් ඇවරිණි තරමක් කුඩා වන අතර, එය නිතර ඉහළට ඔසවාගෙන නොසිටියි. එසේම, පපුව හා උදර ප්‍රදේශවල සිරස් අතට දිව යන කුඩා ඉරි දක්නට ලැබෙන බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ එම්.එස්.ජී. පුෂ්පලාල් මහතා,
"ශ්‍රී ලංකාව තුළ බස්සන් හා බකමූණන් විශේෂ 09ක් පමණ වාර්තා වෙනවා. එයින් Otus ගණයට අයත් වන බස්සන් විශේෂ 03ක් වාර්තා වන අතර, ඔවුන් මෑතකදී හඳුන්වා දුන් පඬුවන් බස්සා, පෙරදිග බස්සා හා කරපටි බස්සා ලෙස සඳහන් වෙනවා. මේ අතරින් කරපටි බස්සාගේ (Collared Scops Owl) උප විශේෂයක් Indian Scops Owl ලෙස හඳුන්වනවා.
ශ්‍රීලංකාවේ වාර්තාවන කරපටි බස්සාගේ වර්ණ ප්‍රභේද 02ක් හඳුනාගෙන ඇති අතර, එය අළු (Grey) සහ දුඹුරු (Brown) ලෙස විස්තර කෙරෙනවා. මෙම බස්සාගේ විශේෂත්වය වන්නේ සවන් ඇවරිණි හෙවත් කන් යුගල හා එහි පිහිටු ඉහළට ඔසවාගෙන තිබීමයි. පපුව සහ උදර ප්‍රදේශයේ සිරස් අතට දිවෙන සෙන්ටිමීටරයක් පමණ දිගැති කුඩා කළු පැහැති කුරුස හැඩයේ ඉරි දක්නට තිබෙනවා.
කොහොම වුණත් අපි මේ හඳුනාගෙන තිබෙන බස්සාගේ යම් යම් ලක්ෂණ Otusbakkamoenalattia යන මෙරටින් වාර්තා නොවන උප විශේෂයට සමානකමක් දක්වන අතර, මෙම බස්සන් ජනපදයේ සිටින බස්සන් සැබැවින්ම තවත් එක් වර්ණ ප්‍රභේදයක්ද නැත්නම් මෙරටින් වාර්තා නොවූ වෙනත් උප විශේෂයක්ද, එසේත් නොමැතිනම් හඳුනා නොගත් නව උප විශේෂයක්ද යන්න පිළිබඳ පක්ෂි විශේෂඥයන් විසින් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා" යැයි සඳහන් කර සිටියේය.
නිදර්ශනී වික්‍රමසිංහ

Reply To:
Name - Reply Comment
0 Comments