Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔයවල් 6ක් අවධානම්

  • 2018-05-17 14:41:07
  • 0 Comments

මල්වතු ඔය, දැදුරු ඔය, කලා ඔය, මී ඔය, මහඔය, අත්තනගලු ඔය යන ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ නිසා මෙම ජල මූලාශ්‍ර අවට සිටින ජනතාවට ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස හා යම් හෙයකින් ජල ගැල්මක් ඇතිවීමේ අවදානමක් මතු වුවහොත් වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙස එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා එම පිරිසගෙන් ඉල්ලා සිටියි.

පවතින වැසි තත්ත්වය මත මේ වනවිට  දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර තිබෙන බවත් මීට අමතරව අත්තනගලු ඔයේ දුනුමලේ ප්‍ර‘දේශයේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බවද කියා සිටියේය.

මේ පිළිබඳ යම් තොරතුරක් ලබා දීමට හෝ දැනගැනීමට අවශ්‍ය නම් 117 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉන්දික හේවාවිතාරණ 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.