ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක්වූ ශ්‍රී ලාංකිකාව
- 2018-12-05 15:44:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රෙලියාවේ ගිය ලාංකික තරුණියක් එරට විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා එරට හමුදා සේවයට එක්වු පළමු ලාංකික තරුණිය ලෙස එක්ව තිබේ .
මෙලෙස ඔස්ට්‍රේලියානු හමුදා සේවයට එක්ව ඇත්තේ වෙන්නප්පුව වයික්කාල තඹරවිල පදිංචි චක‍්‍රවර්තිගේ ජුඩිත් රොනාෂා ප‍්‍රනාන්දු නැමති 27 හැවිරිදි තරුණියකි.
දන්කොටුව බාලිකා විදුහලින් අධ්‍යාපනය ලබා ඇති රොනාෂා 2012 වර්ෂයේදි උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකට ඇතුල්ව එයින් මානව සම්පත් හා ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් හිමිකර ගනිමින් එරට පුරවැසිභාවය ලබා මෙම වසරේ පෙබරවාරි මාසයේදි හමුදා පුහුණුවට එක්වෙමින් ඉකුත් අගෝස්තු මාසයේ සිට ඔස්ට්රෙලියානු හමුදා සේවයට එක්වු පළමු ලාංකික කාන්තාව ලෙස පත්වීම් ලබා තිබේ.
එහිදි අදහස් දැක්වු රෝෂානා,
"මම ලොකු ආශාවකින් හිටියේ අපේ රටේ හමුදා සේවයට එක්වීමට ඒත් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක මට ටිකක් මග හැරුණා ඉතා ඉහළ රැකියාවක නිරතවීමට ඔස්ට්‍රේලියාවේදි හැකියාව තිබියදි මෙලෙස හමුදා සේවය තෝර ගත්තේ ඒ තුළින් මිනිස්සුන්ට විශාල සේවයක් කල හැකි බවට මගේ විස්වාසයක් තිබෙන නිසා" බව ඇය පැවසීය.
චන්දන ප්‍රනාන්දු
Reply To:
Name - Reply Comment
0 Comments