ඔස්ට්‍රේලියාවට ජනපතිගෙන් තේ පරිත්‍යාගයක්
- 2020-01-08 11:18:46
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට ඊයේ (07දා) දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට හටගෙන ඇති ඉතිහාසයේ දරුණුතම ලැව් ගිනි විපතෙන් සිදුව ඇති විනාශය ගැන සිය සංවේගය පළ කිරීමට ජනපතිවරයා මෙහිදී කටයුතු කළේය.
වසරේ මේ කාලයේ දී ලැව් ගිනි හට ගැනීම ඕස්ටේ‍්‍රලියාවේ සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් මෙවර හටගෙන ඇති ලැව් ගිනි පෙර නොවූ විරු තරම් බියකරු සහ විනාශකාරී වී ඇත.
ඊට ගොදුරු වූ තිස් දෙනෙකුට වැඩි ඕස්ටේ‍්‍රලියානුවන් දැනටමත් ජීවිතක්ෂයට පත්ව තිබේ. සහන සේවකයෝ ද ඔවුන් අතර වෙති. වන සතුන් අතර මරණ සංඛ්‍යාව පනස් ලක්ෂයක් පමණ වෙතැයි ගණන් බලා තිබුණ ද එය ඊට බෙහෙවින් වැඩිවිය හැකි බව විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් උණුසුම් සමයක් වන ජනවාරි පෙබරවාරි මාසවල ලැව් ගිනි තවත් උග්‍රවනු ඇතැයි බියක් පවතී. ඕස්ටේ‍්‍රලියාවේ සියලු ප්‍රාන්තවලට විපත බලපා ඇතත් වැඩිම විනාශය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්සයටයි. වනාන්තර ගිනි ගැනීමෙන් පහළ අවකාශයේ වායුව බෙහෙවින් දූෂණය වී ඇත.
2004 සුනාමිය සහ වරින් වර ඇතිවන ගංවතුර ඇතුළු ස්වභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට ඕස්ටේ‍්‍රලියානු ජනයා මේ මොහොතේ විදින වේදනාව මනාව තේරුම් ගැනීමට හැකි බව ජනාධිපතිවරයා කීය.
මේ ආපදාපන්න අවස්ථාවේ ඕස්ටේ‍්‍රලියානු ජනයා සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කරන බව ද ජනපතිවරයා කීය.
	
Reply To:
Name - Reply Comment
0 Comments