Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමගින් එරට අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව සඳුදා මධ්‍යාහ්නයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ජිම්, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වසා තබන අතර අවන්හල් සහ ආපනශාලා රැගෙන යාම සඳහා පමණක් විවෘතව තබනු ඇත.

අගමැති ස්කොට් මොරිසන් මහතා කැබිනට් රැස්වීමකින් පසුව මෙම සීමාවන් ප්‍රකාශයට පත් කළේය.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට රෝගීන් 1,315 වාර්තා වෙයි. සිඩ්නි නුවර පිහිටි නිව් සවුත් වේල්ස් රෝගීන් 533 ක් වාර්තා වී ඇත. වික්ටෝරියාහි රෝගීන් 296 ක් ද ක්වීන්ස්ලන්තයෙන් 259 ක් ද වාර්තා වී තිබේ.

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, ෆාමසි සහ නිවාස බෙදා හැරීමේ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

තමාට පාසැල් විවෘතව තබා ගැනීමට අවශ්‍ය නමුත් දෙමව්පියන්ට තම දරුවන් අවශ්‍ය නම් නිවසේ තබා ගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

"අපේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයෙන් වසරක් අහිමි වනවා දැකීමට මට අවශ්‍ය නෑ," යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වික්ටෝරියා ඇතුළු සමහර ප්‍රාන්තවල පාසල් වසා දැමීමට අවශ්‍ය බවට සඳහන් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.