Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව පාසල්වාරය ආරම්භ කිරීමට ප්‍රථම දිවයින පුරා සියලුම පාසල් පරිශ්‍ර පරික්ෂා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ලබන 27 සහ 28 දෙදින පාසල් පවිත්‍ර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මදුරු මදන ඒකකය කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කර ධූමායන කටයුතු සිදු කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ද මෙම වැඩපිළීවෙල සදහා ලැබී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ කල්මුණේ යන දිස්ත්‍රීක්කවල පිහිටි පාසල් කෙරෙහි වැඩි අවධානය මෙහිදී යොමු කරනු ලැබේ. එම දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම ඊට හේතුවයි.

ත්‍රීවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 640 ක් එම දිස්ත්‍රික්කවල පාසල් පරීක්ෂා කිරිමට හා ධූමායන කටයුතු සිදු කිරීම සදහා යොමු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් පාසල් පරික්ෂාව සහ ධූමායන කටයුතු කිරිම සිදු කරනු ලබයි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළයාමට නිවාස පරිශ්‍ර පිරිසිදුව තබා නොගැනීම සහ කසළ කළමණාකරණ ගැටළුව හේතු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරගෙන ඇත.

විශේෂයෙන්ම ගාල්ල මහනගර සභා සීමාව, අම්බලන්ගොඩ සහ බලපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මදුරු කීට ඝණත්වය වැඩිවීම නිසා රෝගීන් වැඩි වශයෙන් රෝහල් කරා පැමිණෙන බව අනාවරණය වී තිබෙි. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ධූමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරීම දෛනිකව සිදු කරනු ලබයි. 
සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ධූමායන කටයුතු සිදු කිරිම සදහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර 20 ක් ලබන සිකුරාදා ගුවන් මගින් ශ්‍රි ලංකාවට ලැබීමට නියමිතය. තවත් ධූමායන යන්ත්‍ර 105 ක් ජනවාරි මාසයේ දී ලැඛෙන අතර, සෙසු යන්ත්‍ර අදියර කිහිපයක් යටතේ ජර්මනියේ සිට දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය.  2016 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 48,682 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 77 කි.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.