කතරගම ඇසළ මංගල්‍ය සමයේ මහජනතාවට එන්න අවසර නෑ
- 2020-07-07 11:37:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් වන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් මෙම 21 දා දිනෙන් ආරම්භ වී අගෝස්තු මස 04 දා මැණික් ගඟෙි දිය කැපීමෙන් මංගල්‍යයෙන් අවසන්වීමට නියමිතව තිබේ.
කොවිඩ් මර්දනයට සහාය වෙමින් සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ වලට අනුකූලව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍යය පැවැත්වීමට නියමිය.
මෙවර ඇසළ මංගල්‍යයට සහභාගීවටම හෝ නැරඹීමට සාමාන්‍ය ජනතවාට අවස්ථාවක් නොමැත.
එමෙන්ම උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන - යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සඳහා සහභාගීවට අවසර නොදීමටත් තීරණය කර ඇත.
එසේම කතරගම ඇසළ මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ කරතගම පූජා නගරය වෙත මහජනතාවට පැමිණීමට අවසර නොදීමටද තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments