Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ඉහළ නැංවීමත්, ඔවුන් කියවීමට දිරිගැන්වීමත්  අරමුණු කරමින්, හඳුන්වා දුන් කලණ මිතුරු පොත් සුමිතුරු - ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ පළමු අදියරේ සිසු ඇගයීම් කටයුතු ‍එළඹෙන සැප්තැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතය.

මෙම වැඩසටහන පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ  පාසල්, කලාප, පළාත් සහ ජාතික වශයෙන් ප්‍රධාන අදියර 4ක් යටතේ සිසුදරුවන්ගේ කියවීම් කුසලතා මැන බැලීමක් සිදුකෙරේ. දිවයිනේ සියලු ම පාසල්වල  6- 13 ශ්‍රේණිවල සිසුන්ට ‍ මෙම වැඩසටහන‍‍ට එක්වෙමින් පොත්පත් කියවීම වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව සලසා තිබේ.

මේ සඳහා සහභාගී වන සියලු සිසුන්ට, තමන් විසින් කියවා රසවිඳින පොත් සම්බන්ධ ව සාහිත්‍යමය විචාර වාර්තාවක් සකස් කිරීමට ද පැවරෙයි. එම වාර්තා අතරින් විශිෂ්ටතම වාර්තා සම්පාදනය කරන සිසුන්ට වසරේ හොඳම පාසල් කියවන්නන් අතරට එක්ව ප්ලැටිනම්, රන් සහ රිදී පදක්කම් හිමි කරගැනීමට අවස්ථාව සැලසෙයි.

ඒ අනුව මේ වසරේ   වැඩිම පොත් ප්‍රමාණයක් කියවමින් පදක්කම්  හිමිකරගැනීමට සූදානමින් සිටින සිසුන් සංඛ්‍යාව 3000කට ආසන්න ය.  පොත් 100ට වැඩියෙන් කියවා වාර්තා සම්පාදනය කර එවූ සිසුන්ට ප්ලැටිනම් පදක්කමත්, පොත් 75-100ත් අතර කියවූ සිසුන්ට රන් පදක්කමත්, පොත් 50-75ත් අතර කියවූ සිසුන්ට රිදී පදක්කමත් මේ අනුව ලබාදීමට නියමිත ය.

වැඩිම පොත් සංඛ්‍යාවක් කියවා ප්ලැටිනම් පදක්කම් ලබන සිසුන් අතරින් ජාතික මට්ටමින් හඳුනාගන්නා විශිෂ්ටත ම සිසුන් සියදෙනෙකුට, ඉදිරි මාස තුන ඇතුළත චීනයේ අධ්‍යයන සංචාරයක් සඳහා අවස්ථාව ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතී.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.