කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයි
- 2019-04-11 16:52:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභ්‍යවකාශයේ අභිරහස් අතරින් එතෙක් මෙතෙක් මිනිසාගේ දැඩි කුතුහලයකට ලක්ව තිබූ කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් කිරීමට විද්‍යාඥයන් පිරිසක් ඊයේ සමත් විය. Virgo A මන්දාකිණියේ මධ්‍යයේ මෙම කළු කුහරය පවතින බව ඔවුන් පවසයි. මෙය M87 ලෙස නම් කර තිබේ. ඒ අනුව මෙය මෙතෙක් කළු කුහරය සම්බන්ධයෙන් චිත්‍ර ශිල්පියෙකු ඇඳි සිතුවමක් හෝ පරිගණක ආශ්‍රයෙන් නිර්මිත සිතුවමක් හෝ නොවන බව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පවසයි.
චීනයේ ෂැන්ග්හයි, තායිලන්තයේ තායිපෙයි, ජපානයේ ටෝකියෝ, එක්සත් ජනපදයේ වොෂිංටන්, බෙල්ජියමේ බ්‍රසල්ස් සහ ස්පාඤ්ඤයේ සැන්ටිආගෝ යන නගරවලදී පැවැත්වුණු සමගාමී මාධ්‍ය හමු හයකදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30ට මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කෙරිණි. මෙම කළු කුහර සම්බන්ධයෙන් පවතින අභිරහස විසඳීම සඳහා ඉදිරිපත් වුණු ජාත්‍යන්තර එකමුතුවක් මගින් කක්ෂගත කරන ලද EHT (Event Horizon Telescope) නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ඡායාරූපය ලබා ගෙන තිබේ.
අභ්‍යවකාශයේ පවතින රක්තක ශෝධක කලාපයක් ලෙස මෙම කළු කුහර හැදින්වෙයි. ඒවායේ ඇති ඉහළ ගුරුත්වය නිසා එම නම ලැබී ඇත. මෙහිදී ඕනෑම ආලෝකයක සිට විශාල ප්‍රමාණයක ග්‍රහවස්තුවක් දක්වා ගිල ගැනීමේ හැකියාවක් මෙම කුහර සතුව පවතින බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
Reply To:
Name - Reply Comment
0 Comments