Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස පහත් පහළොවත් අතර ළමයින් ඉලක්ක කරගෙන අන්තර්ජාලයේ සිදුකරන ක්ෂණික අහාර සම්බන්ධ වෙළඳ දැන්වීම් තහනම් කිරීමට එංගලන්තය තීරණය කර ඇති බව වාර්තා වෙයි. දැන්වීම්කරුවන්ගේ නව නීති පද්ධතිය අනුව සීනි,මේද හා ලුණු නියමිත මට්ටමට වඩා ඉහළ අහාර හා බීම වර්ග වලට අදාළ වෙළඳ දැන්වීම් වලට මෙම තහනම නිකුත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වයස 16ට අඩු දරුවන් වැඩිපුර නරඹන සියලු අන්තර්ජාල මාධ්‍ය වලට මෙම තහනම පැනවිය යුතු බව එරට ප්‍රචාරණය පිළිබඳ කමිටුව කියයි. මෙමගින් යුටියුබ් හා  පරිගණක හා අන්තර්ජාල ළමා ක්‍රීඩා වැඩසහන් ආශ්‍රිතව පළවන ක්ෂණික අහාර දැන්වීම් දරුවන්ගේ නෙත ගැටීම වැළකෙන බව එම කමිටුව කියයි. එංගලන්තයේ තරබාරුකම ආශ්‍රිත ගැටළු නිරාකරණය කිරීමටත් දරුවන් අන්තරජාලයේ වැඩි කාලයක් ගත කරන නිසාත් මෙම තීරණය ගත් බව බලධාරීහු කියති. මෙම නීති තරබාරුකම ආශ්‍රිත ගැටළුවට විසඳුමක් ලබා නොදෙනු ඇතැයි විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ අන්තර්ජාලයට වඩා ළමයින් රූපවාහිනී වැඩසටහන් නරඹන බවයි.එමෙන්ම මෙම නීති වලින් එම මාධ්‍ය ආවරණය නොවන බව ද විචාරකයෝ පවසති. වයස පහත් පහළොවත් අතර දරුවන් දිනකට පැය 15ක පමණ කාලයක් අන්තර්ජාලයේ ගත කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇති නිසා මෙම තීරණය ගත් බවද ප්‍රචාරණය පිළිබඳ කමිටුව පවසයි.එම කාලය රූපවාහිනිය නරඹන කාලයට වඩා වැඩි බවත් කියයි. මෙම නීති 2017 ජුලි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. (ලංකාදීප-නිලුක සඳුන් බණ්ඩාරනායක)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.