Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලබන 24 වන දා පෙරවරු 7.30 ට කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වන පාගමනින් ක්ෂය රෝග ජාතික දින උත්සවය ආරම්භ වෙයි. ඉන් පසු කලුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වෙයි.

ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන ඉළක්කය වන්නේ වසර 2020 වන විට ශ්‍රී ලංකාවෙි ක්ෂය රෝග ප්‍රවණතාවය 2014 වසරට සාපේක්ෂව සියයට 10 කින් අඩු කිරීමටයි. ක්ෂය රෝගය පාලනය කිරීම සදහා ජාතික වැඩසටහනක් මෙන්ම ළය සායන 26 ක් සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කර ඇත. ලෝක ජනගහනයෙන් 3/4 කට ක්ෂය රෝග කාරක බැක්ටිීරියාව ආසාදිත වී ඇත. නමුත් ආසාදනය වූ සියල්ලන්ටම රෝග ලක්ෂණ පහළවීමක් සිදූ නොවෙයි. බෝවන රෝග නිසා සිදූ වන මරණ සළකා බැලීමෙි දී ක්ෂය රෝගය නිසා ඇතිවන මරණ දෙවැනි වන්නේ එචි.අයි.වී ඒඩිස් මගින් සිදූවන මරණ සදහා පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 10.4 ක් ක්ෂය රෝගයට ගොදූරුව ඇති බව අනාවරණය වෙි. ඔවුන්ගෙන් සියයට 61 ක් අග්නිදිග අසියාතික හා බටහිර ෆැසිපික් කළාපවල ජීවත් වෙති. ශ්‍රි ලංකාවෙි වර්තමාන තත්ත්වය සළකා බැලීමෙි දී පසුගිය වසරේ රෝගීන් 13,757 ක් ඇස්තමේන්තු කර ඇත.

වාර්තා වී ඇති ක්ෂය රෝග මරණ සංඛ්‍යාව 648 කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක වලිනි.

ක්ෂය රෝග පිළිබද ජනතාව දැනුවත් කිරීමෙි මාධ්‍ය හමුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී (21) පෙරවරුවේ පැවැත්විනි.  එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මාලදිවයිනේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා එච්1 එන්1 රෝගය පිළිබදව මෙලෙස කරුණු දක්වන ලදි. 
මාලදිවයිනේ පැතිර යන්නේ සූකර උණ නොව ඉන්ෆ්ලුවෙන්සා එච්1එන්1  රෝගයයි. ඒ බව වසංගත රෝග විද්‍යා අංශය සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ද තහවුරු කර තිබෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වැළදූන රෝගීන් පසුගිය කාලයේ දී මහනුවර, බිබිල, කිළිනොචිචිය යන ප්‍රදේශවලින් ද හමු වුනා. මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්

කටුනායක ගුවන්තොටුපළේ දී සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. එම විදේශිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම නතර කිරීමෙි උවමනාවක් නැහැ.

මෙම මාධ්‍ය හමුව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම මහතා, ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබද ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න ඇතුලු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.