කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් පමණක් සිටින ගුවන් යානා කාර්ය මණ්ඩලය සිංගප්පුරුවට ගමනක්
- 2019-03-08 12:37:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාන්තාවන් පමණක් සහභාගී වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යැවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය. එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ අද (8) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
මේ සඳහා මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම, සහායක නියමුවා ද කාන්තාවන් වූ අතර, ගුවන් යානා කාර්යය මණ්ඩලයේ සියලු දෙනා ද කාන්තාවෝ වූහ. ගුවන්යානයේ සමස්ත කාර්ය මණ්ඩලය 8 කි. ගමන සඳහා A - 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි .
Reply To:
Name - Reply Comment
0 Comments