කාබන් බද්දට වසරක සහන කාලයක්
- 2019-01-15 12:38:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාහනවලට අයකරන කාබන් බද්ද මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වුවද, සියලුම වාහන හිමියන්ට වසරක සහන කාලයක් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
මේ අනුව මේ වසර තුළ කාබන් බද්ද ගෙවීමට නොහැකි වන වාහන හිමියන්ට කිසිදු දඩමුදලකට යටත් නොවී ලබන වසරේදී වසර දෙකටම එකවර ගෙවීම් කළ හැකි බවද ඔහු පවසා සිටියේය.
ලබන වසරේ සිට කාබන් බද්ද නොගෙවන වාහන හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ වසර පහකට අඩු දෙමුහුන් වාහන (පෙට්‍රල්/ඩීසල්) එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටරයට ශත 25ක් බැගින් අයකරන බවයි. වසර 05 සිට 10 දක්වා කාලයකට වැඩි වාහන සඳහා රුපියලක මුදලක් අයකරන බවද ඔහු කියා සිටියේය.
මේ අනුව වසර 05කට අඩු සී.සී. දහසක වාහනයක් සදහා රුපියල් දෙසිය පනහක කාබන් බද්දක් වසරකට ගෙවීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
මගී බස්රථ සඳහා පළමු වසර 05 තුළදී වාර්ෂිකව රුපියල් දහසක බදු මුදලක් හා වසර 05 - 10ත් අතර කාලය තුළදී එක් වසරකට රුපියල් දෙදහසක්, වසර 10කට වැටි බස්රථ සඳහා වසරකට රුපියල් තුන්දහසක් ගෙවීමට සිදුවන බවද, එහෙත් ඉලෙක්ට්‍රික් වාහන සඳහා වාහන බද්දක් අය නොකරන බවද හෙතෙම පවසා සිටියේය.
දෙමුහුන් නොවන වාහනවලට පළමුවසර තුළදී එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටරයට ශත 50ක් හා වසර 05ත් 10ත් අතර නම් රුපියලක් සහ වසර 10ට වැඩිනම් රුපියල් එකයි ශත පනහක් අයකරන බවදජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
වාහන දුම්බද්දට අමතරව මේ වසරේ සිට කාබන් බද්ද අයකරන බවත්, අදාළ බදු මුදල ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී ගෙවිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments