කෑගල්ල කුල දරුවන් 500ක් සසුනට
- 2018-07-09 12:13:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවන් පන්සිය දෙනෙකු මෙම වර්ෂය තුළ සසුන් ගත කිරීම සඳහා කටයුතු කර ඇතැයි සබරගමුව පළාත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමියෝ සඳහන් කළහ. උන්වහන්සේ මේ බව සදහන් කළේ පසුගියදා වරකාපොල මහජන ක්‍රීඩාංගණයේ පැවති පිරිවෙන් ප්‍රතිභා- 2018 කෑගල්ල දිස්ත්‍රික් අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රදර්ශනයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශය, සබරගමුව පළාත් සභාව සහ කෑගල්ල දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී හා පරිවෙනාධිපති සංගමය මගින් මෙය සංවිධානය කර තිබිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42 ක අධ්‍යාපනය හැදෑරූ ස්වාමීන් වහන්සේලා සහ සිසුදරු දැරියන්ගේ කුසලතා ඇගයීම මෙහිදී සිදුවිය. එම දරුදැරියන්ගේ ප්‍රදර්ශන කුටි රැසක් මේ සඳහා එක් කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ පිරිවෙන් සහකාර අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමිපාණෝ සඳහන් කළේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කුලදරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහන පිරිවෙන් ආශ්‍රිතව සිදුකිරීමට කටයුතු කරන බවය. දිවයිනේ බොහොමයක් පන්සල් හි භික්ෂූන් වහන්සේලා නොමැති කමින් වැසීයාමේ අනතුරක් පවතින බව සඳහන් කළ උන්වහන්සේ ඒ සඳහා පිලියමක් ලෙස මෙම දරුවන් සසුන්ගත කිරීමේ වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ප්‍රකාශ කළහ.
එම ස්වාමීන් වහන්සේ මෙහිදී පැවසූවේ පුංචි පවුල රත්තරං සංකල්පය හරහා සිංහල බෞද්ධ ප්‍රජාව තුළ කුඩා පවුල් ඒකක බිහිවීම තුලින් දරුවන් සසුන්ගත කිරීමේ අඩුවක් දැකිය හැකි බවය. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ජීවනාලීය වූ භික්ෂූන් වහන්සේලා බව සඳහන් කළ වටිනාපහ සෝමානන්ද නාහිමිපාණෝ භික්ෂූන් වහන්සේලා නොමැති කල එම මහගු සංස්කෘතිය ද ලොවින් තුරන්විය හැකි යැයිද පැවසූහ. ඉදිරියේ දී සෙසු දිස්ත්‍රික්ක කරා මෙම සසුන්ගත කිරීමේ වැඩසටහන ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි උන්වහන්ස් වැඩිදුරටත් සඳහන් කළහ. මෙම අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල අධ්‍යාපනය හැදෑරූ ගිහි පැවිදි ශිෂ්‍යන් සඳහා ශිෂ්‍යත්ව, ත්‍යාග, පොත් සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදුවිය.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments