කියවීමට දක්ෂ දරුවන්ට විදෙස් සංචාර
- 2017-12-07 11:25:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කියවීමෙහි නිපුණ දරුවන්ට අනාගතයේ දී විදෙස් සංචාර ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කියවීමේ රුචිය තව තවත් වර්ධනය කරමින් ඔවුන් වෙත ජාත්‍යන්තර වශයෙන් ද තව තවත් දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහා මෙලෙස යෝජනා කර ඇති බවයි.
ඊයේ (07දා) අරලියගහ මන්දිරයේ දී පාසල් 3312 ක් සඳහා පොත් මිල දී ගැනීමට මිලියන 700 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ සහ පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාම ඇතුළත් පාසල් පුස්තකාල නාමාවලිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
වැදගත් වන්නේ ගොඩනැගිලි සෑදීම නොව, දරුවන්ගේ මනස සෑදීම බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments