කියවීම වර්ධනයට ආනයනික පොත් බදු වලින් නිදහස් කළා
- 2016-12-15 11:47:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළමයින් තුළ කියවීම සඳහා පෙළඹවීම් ඇතිකිරීමට 2017 අයවැය යෝජනා මගින් ආනයනය කරනු ලබන පොත්පත් සියලු බදු වලින් නිදහස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ජනතාව අතර ජාත්‍යන්තර පොත්පත් පරිශීලනය දිරිමත් කිරීමට මෙය හේතුවක් වෙන බවද අමාත්‍යවරයා සඳහන කළේය.ජාතික කියවීම් මාසය නිමිති කරගෙන ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ඊයෙ (14දා) උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments