කිසිම රටකට වඩා නිව්යෝර්ක්හි කොරෝනා රෝගීන් වාර්තා වෙයි
- 2020-04-10 14:58:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ කිසිම රටකට වඩා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවක් මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ වාර්තා වී තිබේ.
තහවුරු කරන ලද කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා 10,000 කින් ඉහළ ගොස් නිව්යෝක් ප්‍රාන්තයේ රෝගීන් සංඛ්‍යාව 159,937 ක් දක්වා වර්ධනය විය.
ඒ අනුව එම අගය ස්පාඤ්ඤය රෝගීන් 153,000 සහ ඉතාලිය රෝගීන් 143,000 යන අගයන් අභබවා යාමකි.
වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වාර්තා වූයේ රෝගින් 82000ක්. සමස්තයක් ලෙස එක්සත් ජනපදය තුළ රෝගීන් 462,000 ක් සහ මරණ 16,500 ක් වාර්තා වී තිබේ.
ගෝලීය වශයෙන් රෝගීන් මිලියන 1.6 ක් සහ මරණ 95,000 ක් වාර්තා වේ.
කොරෝනා වයිරස් රෝගීන් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ප්‍රාන්තය ලොව ඉදිරියෙන් සිටින අතර, එහි මරණ සංඛ්‍යාව 7,000කි.
Reply To:
Name - Reply Comment
0 Comments