Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් - 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත  ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (21) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර  දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. 

නව ජීවන රටාවක් උදෙසා” යන තේමා පාඨය ඔස්සේ කොවිඩ් 19 වෛරසයෙන් වැලකීමේ  සංඥා මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදුන්වාදීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථානබස්නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළෙද සැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශණය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී තීරණය කරන ලදි.

එමෙන්ම රට විවෘත කිරීමත් සමග….

කොවිඩ් - 19 හේතුවෙන් අවශ්‍ය අවස්ථාවන් හිදී මුහුණු ආවරණ පැළැදීම පිළිබදව ද නිර්දේශයන් සකස් කිරීමට ද,

සෞඛ්‍ය උපදෙස් මත පොදු ස්ථාන විෂබීජහරණ වැඩපිළිවෙල  පිළිබදව ද,

PCR පරීක්ෂණ සිදු කිරීමේ දී අවශ්‍ය වන පුද්ගල ආරක්ෂිත ඇදුම් හා වෛද්‍ය උපකරණ මෙතෙක් හිඟයකින් තොරව පවත්වාගෙන ආ වැඩපිළිවෙල ඉදිරියටත් පවත්වාගෙන යාමටත්එම වෛද්‍ය උපකරණ ලබාගැනීමට PCR පරීක්ෂණ සිදු කරන ආයතනවල අධ්‍යක්ෂවරුන්ට  අවශ්‍ය අවසරය ලබාදීමට ද  මෙහිදී තීරණය කරන ලදි.

මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, ජනක චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා  යන මහත්ම මහත්මීන්, විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.