කොවිඩ් 19 නිසා ඉතාලිය තුළ හදිසි තත්ත්වයක්
- 2020-03-10 10:31:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා ගත ලෙස වැඩිවීමත් සමගින් එරට තුළ ජනතාවගේ ගමන් බිමන් අත්හිටුවීමට ඉතාලි රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉතාලියේ මිලියන 60ක ජනතාවකට මෙසේ ගමන් තහනම් කර තිබේ.
සඳුදා දිනයේදී ඉතාලි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ අනුව ජනතාව එක්රැස්වීම්ද තහනම් කර තිබේ.
තම නිවාසවලින් පිටතට යෑමට ජනතාවට අවශ්‍ය නම් ඒ සඳහා අවසර ගත යුතු වෙයි.
ඉතාලිය තුළ මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 9172ක් බවට පත්ව ඇති අතර ඒ අනුව චීනයෙන් පිටත කොවිඩ් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබේ.
මීට පෙර චීනයෙන් පිටත වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ දකුණු කොරියාවෙනි.
සඳුදා දිනයේදි ඉතාලියේ කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 366 සිට 463 දක්වා වර්ධනය විය.
Reply To:
Name - Reply Comment
0 Comments