කොවිඩ්-19 මරණ ස්පාඤ්ඤය ඉතාලියට පසු චීනය අභිභවයි
- 2020-03-25 23:36:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ස්පාඤ්ඤයේ 3,434ක් බව අද (25දා) එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන විට, ඉතාලියට පසුව වැඩිම මරණ සිදුව ඇති රාජ්‍ය බවට චීනය අභිභවමින් ස්පාඤ්ඤය පත්ව තිබේ.
ස්පාඤ්ඤයේ ඊයේ දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාවට සාපේක්ෂව එය 27%ක වඩා වැඩි වීමකි. මේ වනවිට රට තුළ ආසාදිතයන් 47,610ක් වාර්තා වී තිබේ.
කොරෝනා වෛසරයේ ආරම්භය සිදුවූ චීනයෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 3,281ක් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
මේ අතර වෛරසය හේතුවෙන් ලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයකින් මේ වනවිට අභිභවා ගොස් ඇත.
මේ අතර ඉදිරි දිනවලදී ස්පාඤ්ඤයේ කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments