කොළඹින් ගමට ගිය 80කගේ ප්‍රතිඵල නවතී
- 2017-01-09 11:26:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුෂ්කර ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් බව කියන සිසුන් 80 දෙනකුගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නවත්වා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසීය. දුෂ්කර පළාත්වල කෝටාවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම සඳහා පහසුකම් ඇති ප්‍රදේශවල සිට දුෂ්කර ප්‍රදේශවලින් ඔවුන් විභාගයට අයදුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. 2016 උසස් පෙළ විභාගය අතරතුර මේ ගැන තොරතුරු ලැබීමත් සමඟ විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කළේය. එලෙස පිට පළාත්වල සිසුන්ට විභාගයට මුහුණ දීමේ අවස්ථාව ලබා දුන් බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකුගේ ද වැඩ තහනම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ තවත් විදුහල්පතිවරුන් 12 දෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැති බවයි. කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසු උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට අයත් පාසල් කිහිපයකින් විභාගයට මුහුණ දුන් සිසුන් 80කගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නැවැත්වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. වංචනිකව විභාගයට මුහුණ දෙන සිසුන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව ද ඔහු සදහන් කළේය.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments