Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

220px-H.S._Olcott-portrait-300කොළඹ - ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘ ඕල්කට් අනුස්මරණ දේශනය’ 20 වැනිදා, සවස 4.30ට විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත් වෙයි.
”ගණිතයේ අහේතුක සාර්ථකත්වය සහ ජාතික ආර්ථිකය ඉදිරියට යෑමේදී තොරතුරු තාක්ෂණයේ කාර්ය භාරය” මැයෙන් පැවැත්වෙන මෙවර දේශනය කරණු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපද චිකාගෝ විශ්ව විද්‍යාලයේ ගණිත හා පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී සහ ගණිත මහාචාර්ය ආදි ආනන්දීය රොහාන් අතීල් විසිනි. 
පසුගිය වසරේ  ඕල්කොට් සමරු දේශනය හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයකු වූ ආදි ආනන්දීය ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් පවත්වන ලදී. ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් දේශනය සංවිධානය කරනු ලබයි. මෙවර ද ”වාර්ෂික  ඕල්කට් අනුස්මරණ දේශනය’’ට බොහෝ දෙනකු සහභාගී වනු ඇතැයි ද ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විශ්වාස කරයි.
1832 වසරේ අගෝස්තු දෙවැනි දා උපත ලැබූ  ඕල්කොට්තුමා මෙරටට කළ මෙහෙවර අගැයීමට ලක් කරමින් ආනන්ද විද්‍යාලය වාර්ෂිකව පවත්වන මේ කාර්යය රටේ ජාතික, ආගමික, යුක්තිය සහ පැවැත්ම වෙනුවෙන්  ඕල්කොට්තුමාගේ දායකත්වය නව පරපුරට සිහි ගන්වයි.
ඇමරිකානුවකු වූ  ඕල්කොට්තුමාගේ ආදර්ශ පාඨය ”සැබෑ ආගම සත්‍යය මිස වෙන කිසිවක් නොවේ” යන්නය. අනගාරික ධර්මපාලතුමන් සහ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම හරහා කළ මෙහෙවර නිසාම දෙස් විදෙස් උගත්හු රැුසක් එතුමන් වටා එක් වූහ.
2016  ඕල්කොට් සමරු දේශනයට සවන්දීමට ආසන වෙන්කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අමතන ලෙස දැනුම් දී සිටී.

AC-Viharaya

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.