Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 3කට ආසන්න කාලයක් තිස්සේ ඇණහිට තිබුණු වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරාසන්න ප‍්‍රදේශවල ඇල මාර්ග රුසක් නිසි ප‍්‍රමිතියට ඉදිකිරීමේ කටයුතු ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මේ දිනවල කඩිනමින් සිදු කරමින් පවතී.

මේ යටතේ නුගේගොඩ, කට්ටිය හංදියේ සිට බොල්ගොඩ ජලාශය දක්වා දිවෙන ඇල මාර්ග ඉදිකෙරමින් පවතින අතර වසර 3 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වි පැවති මෙම ඇල මාර්ග ඉදිකිරිමේ කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

2013 වසරේදී වේරැස් ගඟ වැසිජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරිමේ වැඩසටහන ආරම්භ කෙරුණේ වර්තමාන ජනාධිපති, එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතගේ සංකල්පයක් අනුවය.

නුගේගොඩ කට්ටිය හංදියේ සිට දෙල්කද හරහා බොල්ගොඩ ජලාශය දක්වා මෙම ඇල මාර්ග ඉදිකිරීමෙන් ප‍්‍රදේශ රැසක නිවාස ගංවතුර අවධානමකට ලක්නොවන ලෙස ප‍්‍රධාන ඇල මාර්ග, ද්වීතීයික ඇල මාර්ග කිලෝ මීටර් 8ක් දුරට අලුතෙන් ඉදිකිරිම හා ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

 නුගේගොඩ ගම්සභා හංදිය, දෙල්කඳ, රත්තනපිටිය, පැපිලියාන, බොරලැස්ගමුව ඇතුළු ප‍්‍රදේශ රැසක නිවාස රැසකට අධික වර්ෂාවක දී ඇතිවන ගංවතුර අවධානම මෙම ඇල මාර්ග ඉදිකිරිම නිසා පහව යන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.

පසුගිය ආණ්ඩුව මඟින් සිදු කරන ලද ප‍්‍රමාදයන් හේතුවෙන් වසර 1 1/2 කින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමේ සැලසුමක් තිබුණ ද දැඩි කාර්යක්ෂමතාවය තුළින් මාස 6ක කාලය තුළ මෙම කටයුතු නිම කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව ද ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා ප‍්‍රකාශ කරයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.