Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ නගරයේ පවතින වාතයේ දූවිලි අංශුවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්, පෙරේදා (05දා) දිනයේදී එය 100%කින් ඉහළ ගොස් තිබූ බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

දෛනිකව මෙම අගය වෙනස්වන බවත්, එහෙත් දැනට පවතින සුළඟේ වෙනස්වීම හේතුවෙන් අප අවට පරිසරයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑම සිදුවන බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

කියුබික් ටිපරයක් තුළ තිබිය හැකි දූවිලි අංශු ප්‍රමාණය මයික්‍රෝන ග්‍රෑම් පනහක් වන බවත්, එහෙත් මේ වනවිට එම අගය ඉහළ යමින් තිබෙන අතර, ඒ පිළිබඳව මේ දිනවල සොයා බලන බවත් හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව දූවිලි අංශු ඉහළ යෑම සෞඛ්‍යයට බලපාන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් තිබෙන බවත්, මෙම අගය පැය 24න් 24ට ගණනය කරන බවත් සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඊයේ පස්වරු 3.00 යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක  දර්ශකය 112ක් ලෙස සෞඛ්‍යයට අහිතකර ලෙස දැක්විණ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.