කොළඹ නගරය අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ලෙස නම් වෙයි
- 2018-09-26 08:39:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ නගරය අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ලෙසට ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලැබ තිබේ.
කොළඹ නගරය සඳහා අදාළ ජාත්‍යන්තර තෙත්බිම් නගර සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියළු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම් කර තිබිණි.
නාගරීකරණයත් සමගනාගරිකයන් විසින් නාගරික තෙත් බිම්ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම හා ඒවායේ ජෛව විවිධත්වය සුරැකීමකෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර නාගරික තෙත්බිම් නගර නම් කිරීමට 2015දී පැවැති පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේදී ජාත්‍යන්තර රුම්සා මහලේකම් කාර්යාලය විසින් තීරණය කෙරැණු අතර, ඒ අනුව චීනය, දකුණු කොරියාව, ප්‍රංශය, මැඩගස්කරය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක තෙත්බිම් නගර 18ක් තෙත්බිම් නගර ලෙස තෝරා ගෙන නම් කිරීමට ජාත්‍යන්තර රුම්සා මහලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments