කොළඹ - නුවර මාර්ගයේ පැළ 2500ක් සිටුවයි
- 2019-05-07 13:25:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ නුවර මාර්ගයේ පැල 2500 ක් (නා පැල සහ ඇසළ පැල) සිටුවීමේ රුක්රෝපණ ව්‍යාපෘතියේ සමාරම්භය අද (06දා) පෙරවරුවේ මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බැලුම්මහර, සේරුවිලා හංදියේදී සිදුකෙරිණ.
ශ්‍රී ලංකාවේ හරිත ආවරණ ඉහළ නංවාලමින් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මකයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශයේද දායකත්වය ඇතිව මෙම ව්‍යපෘතිය ක්‍රියාවට නැංවෙයි.
ශ්‍රී ලංකාවේ අඩුම වන ඝනත්වයක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය 2% සිට 4% දක්වා ඉහළ නැංවීම මෙහි අරමුණයි. පළමු අදියර වශයෙන් කඩවත සිට නිට්ටඹුව දක්වා මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර, දෙවන අදියර ලෙස නිට්ටඹුවේ සිට නුවර දෙසට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Reply To:
Name - Reply Comment
0 Comments