“කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, අගෝස්තු මස 17 , 18 සහ 19 යන දිනයන්හිදී
- 2018-08-15 23:24:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් නවවන වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, අගෝස්තු මස 17 , 18 සහ 19 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ. මේ සඳහා මුද්දර අලෙවිකරුවන් 25 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය. විනෝදාංශ හා බැඳුනු දුර්ලභ දෙස් විදෙස් මුද්දර, කාසි, නෝට්ටු ආදී අයිතම මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව උදාවේ. ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය මෙම දිනවලදී විවෘතව පවතින අතර එය නැරඹීමේ අවස්ථාවද මහජනතාවට උදාවේ. තවද පාසල් නිවාඩු සමයේ පැවැත්වෙන මෙම මුද්දර දැක්මට පැමිණ පහසු මිළට මුද්දර මිළදී ගැනීමේ අවස්ථාව උදාකරගන්නා ලෙසට මුද්දර කාර්යාංශය පාසල් ලමුන්ට විශේෂයෙන් ආරාධනාකර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments