Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී ඇත.

දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේදී  ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර, වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීනව ගිලී ගිය යාත්‍රාද ඒ අතර පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම කණ්ඩායම මීට පෙර සිදු කළ ගවේෂණවලදී  1871 වර්ෂයේදී ගාල්ලේදී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක  වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාවේ ශේෂ වූ කොටස් ගාලු වරායට නාවික සැතපුම් 07ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී සොයාගෙන ඇත.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වෙයි.

මෙම ගවේෂණ වැඩසටහන යටතේ උනවටුණ සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පතුල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට අපේක්ෂිතයි.

 මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගයද  මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර, මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක්ද මීට සමගාමීව බිහි කර ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

[caption id="attachment_19726" align="alignleft" width="600"]????????????????????????????????????[/caption] [caption id="attachment_19727" align="alignleft" width="600"]????????????????????????????????????[/caption] [caption id="attachment_19728" align="alignleft" width="600"]????????????????????????????????????[/caption] [caption id="attachment_19729" align="alignleft" width="600"]????????????????????????????????????[/caption] [caption id="attachment_19730" align="alignleft" width="600"]????????????????????????????????????[/caption] [caption id="attachment_19731" align="alignleft" width="750"]????????????????????????????????????[/caption]

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.