Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දැඩි ගං වතුර හා නායයෑම් අවදානමක් හෙට (23) සහ අනිද්දා (24) දිනවල ඇති විය  හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. ප්‍රධාන ගංගා ගණනාවක ජල මට්ටම මේ වන විටත් ඉහළ ගොස් ඇති බැවින්නුත් කාලගුණ අනාවැකි අනුව ඉදිරියේදී ඉතා තද වැසි ඇතිවිය හැකි බැවින් අවදානම මතුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ජනරාල් එස්. අමලනාදන් මහතා කීය. දැඩි ගං වතුර අවදානමක් ද මේ නිසා මතුවන බව ඔහු සඳහන් කළේය.  මේ නිසා ගංගා ආශ්‍රිතව සහ නායයෑමේ අවදානම් නිකුත් කර ඇති ප්‍රදේශ වල ජනතාව හෙට සහ අනිද්දා  දිනවල විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද අවාධාරණය කළේය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය්දී අද (22)  පැවැති මාධ්‍ය හමුව අමතමින් අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ බව අනාවරණය කළේය.
හදිසි තත්තවය මුහුණු දීමට හැකි වන පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානමින් සිටින බව ද ඔහු කීවේය. හදිසි සහන සේවා කටයුතු සඳහා 5800කට වැඩි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් ද මේ වන විටත් සූදානම් කරන සිටින අවහ්‍ය කටයුතු සඳහා රුපියල් මිලියන 14.7ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වන විටත් ලබාදී තිඛෙන බව ද කියා සිටියේය.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා

නිරිත දිග මෝසම සක්‍රීය වෙමින් පැවතීම සහ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද සහ හෙට දිනවල බොහෝ ප්‍රදේශයන්ට මිලිමීටර 150 ට වැඩි වැසි බලාපොරොත්තු වන බවත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව ද අධඬ ජනරාල්වරයා කීවේය.
 

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය

අද (22) දිනයේදී වැසි තත්ත්වයේ අඩුවක් දක්නට ලැබුණත් ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම තවමත් ගං වතුර මට්ටමෙහි පවතින නිසා වැසි තත්ත්වයේ වර්ධනයක් වුවහොත් ගංඟා පිටාර ගැලීමේ අවදානමක් තිඛෙවා. කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතිනවා. කැලණි ගෙඟේ ජල මට්ටම නාගගලම්වීදිය ප්‍රදේශයෙන් ඉහළ යමින්තිබෙනවා. නමුත් හංවැල්ල ප්‍රදේශයෙන් යම් අඩුවීමක් දක්නට ලැඛෙනවා.  කළු ගඟේ ජල මට්ටම ද මිල්ලකන්ද සහ අඟුරුවාතොට ප්‍රදේශවලින් ඉහළ යමින් තිඛෙන බව ඇය සඳහන් කළාය. ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම සාමාන්‍ය මට්ටමට පත්වෙමින් පවතින නමුත් යළිත් වැසි ඇතිවුවහොත් පිටාර මට්ටමට පත්විය හැකියි. අත්තනගලූ ඔයේ ජල මට්ටම අඩුවෙමින් පැවතියත් ගම්පහ නගරයට එහි බලපෑම එතවමත් තිබෙනවා.


ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා

දිස්ත්‍රික්ක 5කට නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය වැසි තත්ත්වයේ අඩුවීමක් පැවති නිසා ඉවත් කර අවදානමක් පවතින බවට පමණක් වෙනස් කර ඇතත් වැසි තත්ත්වය වැඩිවුවහොත් අවදානම යළිත් මතුවිය හැකියි. ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයන් සඳහා රතු නිවේදනය නිකුත් තිබුණා.
 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා

ආපදා අවස්ථාවක් සඳහා සූදානමින් සිටින ලෙස ගංගා ආශ්‍රිත සහ නායයෑමේ අවදානම් ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  විශේෂයෙන් අධ්‍යාපන සහතික, මුදල්, රන් භාණ්ඩ, අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය වාර්තා, හැදුනුම්පත් ආදී අත්‍යාවශ්‍ය දෑ අඩංගු ආපදා මල්ලක් සූදානම් කරගෙන හදිසි අවස්ථාවක ඉවත්වීමට ඔවුන් සූදානමින් සිටිය යුතුයි. 
 

I සබැඳි පුවත්-

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.