Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස. (සා.පෙළ) ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ පන්තියට ඇතුළත් වීමේ අවස්ථාව බොහෝ පාසල්වල අහිමි බවට ඇතැම් කණ්ඩායම් පවසන පුවත් මාධ්‍ය වාර්තා කර තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි බලධාරියකුගේ විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙම ප්‍රචාර මගින් ජනතාව නොමග යැවීමක් සිදුවන අතරම ඔවුන් බරපතල අපහසුතාවයට ද පත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අ.පො.ස. (උ.පෙළ) හැදැරීම සඳහා අ.පො.ස. (සා.පෙළ) ගණිතය විෂයය සමත් වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් පවතින චක්‍රලේඛ වෙනස්කිරීමකින් තොරව එලෙසම පවතින අතර සෑම පාසල් සිසුවෙකුට ම පළමු ශ්‍රේණියේ සිට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්, නව වෘත්තීය විෂයයන් 26ක් ඇතුළත් විෂය ධාරාවක් අ.පො.ස. (උසස් පෙළ) සඳහා හඳුන්වා දී ඇති අතර, එය දැනට නියාමක වැඩසටහනක් ලෙස තෝරා ගත් පාසල් 192 ක ක්‍රියාත්මක කරනු ලබන බව නිවේදනයේ දැක්වේ.

මේ  සම්බන්ධව අදාළ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව ද දන්වමි.

ඔබගේ වැඩිදුර දැනගැනීම සඳහා අ.පො.ස. (උසස් පෙළ) හැදැරීම සඳහා ගණිතය විෂයය සමත් වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් (පාසල් කටයුතු) අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සිදු කරන ලද පැහැදිලි කිරීමක් (ඇමුණුම 01)  සහ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනට අයත් පාසල් 192 ක ලැයිස්තුව (ඇමුණුම 02) ද මේ සමග එවා ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.