ගල් යුගය ගැන මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ සොයා ගැනීම් හෙට එළිදකියි
- 2016-10-24 14:29:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ ප්‍රදානයක් මත මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් ගල් යුගයේ මිනිසා දේශගුණික වෙනස්කම් වලට දැක්වු අනුවර්තනයක් පිළිබඳව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයේදී ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රි ලංකා ඉතිහාසය ආරම්භ වන්නේ උතුරු ඉන්දීය සංක්‍රමණයක ප්‍රතිඵලයක් ලෙස බවට සාම්ප්‍රදායික මතයක් ඇතත්, මෙම අධ්‍යනයට ආදාලව බලන්ගොඩ ප්‍රදේශයේදී සිදුකෙරුණු පර්යේෂණයේ විද්‍යාත්මක සොයා ගැනීම් වලින් එම මතයට අභියෝග කළහැකි අන්දමේ ඓතිහාසික සාක්ෂි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා විසින් අනාවරණය කරගෙන ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
මෙම පර්යේෂණයේ දී වසර 6000ක් පැරණි ධාන්‍ය වර්ග, පැරණි ආභරණ , සියුම් තාක්ෂණීක මේවලම් ආදී එකල ජීවත් වු මිනිසුන් විසින් පරිහරණය කරන ලද භෞතික සම්පත් මෙන්ම, මීට අවුරුදු 6000 කට පෙර කාල වකවානුවේදී කඳුකර ප්‍රදේශවල දේශගුණික වෙනස්කම් වලට ප්‍රතිචාරයක් ලෙස ගල් යුගයේ මිනිසුන් තාක්ෂණික - සංස්කෘතික පරිවර්තනයක් දෙසට යොමු වු ආකාරය මනාව පැහැදිලි කරගෙන තිබේන බවද අමාත්‍යාංශය කියයි
මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල එළිදැක්වීම සහ එම ද්‍රව්‍ය ප්‍රදර්ශණය කිරිම ඇතුලත් හෙට (25දා) විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments