Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම මහබෝධිවත්ත ප්‍රදේශය මේවන විට අඩි පහක් පමණ ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය පවසයි. හිනිදුම පොලිසිය ඉදිරිපිට පාර,තවලම නෙළුව මාර්ගයේ මාවනාන ප්‍රදේශය, නෙළුව බටුවංගල ප්‍රධාන මාර්ගය උඩුගම කාටගොඩ හන්දිය, නෙළුව දූලි ඇල්ල පාර ජලයෙන් යටවෙමින් පවතී.  මේ ප්‍රදේශයේ සියලුම මාර්ග ජලයෙන් යටවී පවතින බැවින් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි වාර්තා වේ. අද දිනය පුරාම පැවති තද වැස්ස මේ වනවිට තරමක් අඩුවී ඇතත් කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 12ක කාලයේ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි. ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා යුද හා නාවුක හමුදා භට කණ්ඩායම් සහිත මුදවාගැනීමේ කණ්ඩායම් 7 ක් අදාළ ප්‍රදේශ වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. බද්දේගම, වක්වැල්ල,පෝද්දල හා උක්වත්ත ආදී ප්‍රදේශයන්හි පහත් බිමිද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාර්තා වන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම ප්‍රදේශවල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

ඔයවල් 6ක් අවධානම්

රත්නපුර, නිවිතිගල,දෙහිඕවිටි අධ්‍යාපන කලාපවල පාසල් වහයි

වැසි හේතුවෙන් පාසල් පැවැත්වීමේ බලය පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන් වෙත

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.