Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි.

මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාද සහභාගි විය.

දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දිග මීටර 17.91ක් සහ පළල මීටර 6.91 කි.

පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්‍රා කිරීමේ හැකියාවක් මෙම යාත්‍රාව සතුව පවතී. තවද ගිණි නිවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් ‍දෙකක්ද (02) මෙම යාත්‍රවේ ස්ථාපිත කර ඇති අතර, තවත් නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්‍රාව සමන්විත වේ.

මෙවැනි යාත්‍රා නිශ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.