Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපනයේ කිසිදු තනතුරකට දේශපාලන අතපෙවීම් නොකිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට හැකියාව ලැබුණා. ගතවූ වසර 4ක කාලය තුළ කිසිදු නුසුදුසු ගුරුවරයෙකු අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර නොගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීම සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම් සංවර්ධනය කර ඇති‍ අයුරු ද සඳහන් කළේය.

උපාධිධාරීන් 20,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3,500ක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බව ද සඳහන් කළේය.(ada)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.