ගුරු ගෙදර නාළිකාව දියත් කරයි
- 2020-04-20 13:43:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තමන් ගත කරන සෑම මොහොතකම දැනුම විනෝදය සහ අධ්‍යාපනය අත්පත් කරගන්නට අදිටන් කරගත යුතු බවත්, ඒ සඳහා අද දින සිට දැයේ දරුවන්ට තිළිණ කෙරෙන ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව ඉතා වැදගත් පිටුබලයක් සලසනු ඇති බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
‘හැදෙන අපි - හදන තැන’ තේමාවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභිනවයෙන් ආරම්භ කරන ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
පසුගිය වසරේ අප්‍රේල් විසි එක් වෙනිදා ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක් කෙරුණේ සුවහසක් ජනතාවගේ ලෙයින් කඳුළින් සහ කම්පනයෙන් බවත්, මේ වර්ෂයේ අප්‍රේල් විසි වන දා, එනම් අද දින ශ්‍රී ලාංකේය ඉතිහාසයට එක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිම්මක් ඉදිරියට තබමින් අනගි දායාදයකදැයේ දරුවන් වෙත පිරිනමමින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments